සුදු පුවරුවක්, ස්ලයිඩයක්, හෝ ලේඛනයක් ඉක්මනින් ග්‍රහණය කර ගන්න. OneNote එය කියවීමට වඩාත් පහසු වන ලෙස කප්පාදු කර වැඩිදියුණු කරනු ඇත. ඔබට එය පසුව සෙවීමට හැකි වන සේ අපි ටයිප් කළ පෙළ යළි සංවිධානය කිරීමද කරන්නෙමු.
පන්හිඳක් සමගින් පුවරුවෙන් ඔබගේ රූපසටහනෙහි දළසටහනක් අඳින්න. එය ටයිප් කරනවාට වඩා ස්වභාවික බවක් ඔබට පෙනේ නම් ඔබගේ සියලු සටහන් අතින් ලියන්න.
දේශනයෙහි සියලු කොටස් නොලියන්න-හුදෙක් වැදගත් කොටස් පමණක්. OneNote ඔබගේ සටහන් ශ්‍රව්‍යය වෙත සබැඳි කරයි, එමගින් ඔබට ඔබ එක් එක් සටහන ගත් විට කියමින් සිටින දෙයට හරියටම යා හැකිය.
පෙළ, කළ යුතු දේ ලැයිස්තු, සහ වගු සඳහා OneNote සැලසුම් කර ඇත. පිරිසැලසුම් පිළිබඳව කනස්සලු නොවන්න, පිටුවේ ඔබට අවශ්‍ය ඕනෑම තැනක ටයිප් කරන්න.
ඔබට ඔවුන්ගේ ඊමේල් ඇත්නම්, ඔබට එය ඔවුන් සමග බෙදා ගැනීමට හැකිය. ඇරඹීම පහසු සහ වේගවත්ය.
ඔබ එකම කුටියක හෝ විද්‍යාලය පුරා සිටියද, තථ්‍ය කාලයේදී එක්ව වැඩ කරන්න. කවුරුන් කුමක වැඩ කරන්නේදැයි සංශෝධන ලකුණු ඔබට පවසයි.
පන්තියේදී, එබගේ කුටියේදී, පරිගණක විද්‍යාගාරයකදී හෝ කෝපිහලකදී ඔබට ඕනෑම තැනක සිට ඕනෑම උපාංගයක් මත එක්ව වැඩ කළ හැකිය. යම් අයෙකු නොබැඳි වූ විට පවා, OneNote ඒ සියල්ල ඔබ සඳහා එක්ව තබා ගැනීමට ස්වයංක්‍රියව සමමුහුර්ත කරයි.
බොහෝ ව්‍යාපෘතිවලට වෙබ් සෙවුම අත්‍යවශ්‍ය වේ. තනි ක්ලික් කිරීමකින් ඕනෑම බ්‍රවුසරයක ඇති ඕනෑම පිටුවක් ග්‍රහණය කර ගන්න. පිටුව OneNote තුළ විවරණය කරන්න.
ඔබගේ සටහන් සමග දේශන ස්ලයිඩ සහ පත්‍ර තබා ගන්න. ටයිප් කිරීමෙන් හෝ පන්හිඳකින් අත්අකුරින් ලිවීමෙන් ඉහළින්ම හෝ පසෙකින් සටහන් තබා ගන්න.
ඡායාරූප හෝ මුද්‍රිතවල ඉහළින්ම ලියන්න. ඔබගේ අදහස්වලට අරුතක් දීමට, අලවන සටහන් මෙන් සංවිධානය කරන්න. සරලව මායිම්වල ලිවීමෙන් අදහස් දක්වන්න.
ගොනු කරන්නෙක් හෝ අසුරන්නෙක්ද? OneNote දෙදෙනාටම ප්‍රියයි. සටහන් පොත් සහ කොටස් තැනීම මගින් ඔබගේ සටහන් සහ ව්‍යාපෘති සංවිධිතව තබා ගන්න. ඔබ ටයිප් කළ, ක්ලිප් කළ, හෝ අතින් ලියූ ඕනෑම පෙළක් පහසුවෙන් සොයා ගන්න.