විශේෂාංගමය යෙදුම්
මෙම යෙදුම් සහ උපාංග සමගින් OneNote වලින් තවත් ලබා ගන්න
Brother Web Connection
ඔබේ Brother යන්ත්‍රයට (MFP/ලේඛ ස්කෑනරය) PC එකක් හරහා නොගොස් අනුරූ ස්කෑන් කිරීමට සහ OneNote සහ OneDrive වෙත ඒවා උඩුගත කිරීමට හැකිය.
Chegg
සිසුන්ට ඔවුන්ගේ වැදගත් ගෙදරවැඩ පිළිතුරු Chegg Study Q&A වෙතින් OneNote වෙත සුරැකීමට හැකිය. එය OneNote හි "එය ක්ලිප් කරන්න" බොත්තම සමගින් පහසුය. එහි සිට, ඔබට ඔබේ පිළිතුරු විෂය, පන්තිය, හෝ පැවරුම අනුව සංවිදානය කිරීම ඇරඹීමට සහ ඒවා සියල්ල ක්ෂණිකව සෙවිය හැකි OneNote තුළ ලබා ගැනීමට හැකිය. අවසාන විලාස මාර්ගෝපදේශය තනා එය ඔබේ පන්තියේ මිතුරන් සමග බෙදා ගන්න.
cloudHQ
cloudHQ සමඟ ඔබේ OneNote සටහන් අනුකලනය කරන්න. Salesforce, Evernote, Dropbox වැනි අනෙකුත් ජනප්‍රිය ක්ලවුඩ් සේවා සමඟ ඔබේ සටහන් පොත් සමමුහුර්ත කරන්න. පහසුවෙන් අන් අය සමග සහයෝගයෙන් කටයුතු කරන්න, ඕනෑම යෙදුමක ඔබේ අදහස් බෙදා හදා ගන්න, සහ OneNote වෙත නැවත ඒවා ස්වයංක්‍රීයව සමමුහුර්ත කරන්න. ඔබ වැරදී ඒවා මකා දැමූ විට ඔබේ අදහස් ආරක්ෂා කිරීමට අනෙකුත් ක්ලවුඩ් සේවා තුළ ද ඔබේ ඔබගේ OneNote සටහන් පොත් උපස්ථ කරන්න.
Newton
Newton භාවිතයෙන් ක්ලික් කිරීමකින් පමණක් OneNote වෙත වැදගත් ඊමේල් සුරකින්න. එය ඉන්වොයිසියක්, වට්ටෝරුවක් හෝ වැදගත් පාරිභෝගික ඊමේලයක් වුවත්, සියල්ල එකට තබා ගැනීමට Newton හි OneNote ඒකාබද්ධ කිරීම භාවිතා කරන්න.
Docs.com
Docs.com පරිශීලකයන්ට OneNote සටහන් පොත් හරහා සටහන් හෝ ඉගෙනුම් ද්‍රව්‍ය විසුරුවා හැරීමට ඉඩ දෙයි. එය ජනප්‍රියතාව සහ ප්‍රජාව මත බලපෑම වැඩි කරමින්, ලොව පුරා සිටින ගුරුවරුන් සහ සිසුන් වැනි පුද්ගලයන් ඔබේ OneNote බැලීම සහ නැවත භාවිත කිරීම සබල කරයි.
Doxie Mobile Scanners
Doxie යනු යළි ආරෝපණය කළ හැකි නව ආරක පත්‍ර ස්කෑනරයක් නිසා, ඔබට ඕනෑම තැනකදී ලේඛ ස්කෑන් කළ හැක - පරිගණකයක් අවශ්‍ය නොවේ. ඔබ කොහේ සිටියත්, හුදෙක් එය ආරෝපණය කර ක්‍රියාත්මක කරන්න - ස්කෑන් කිරීමට, සංරක්ෂිත කිරීමට, සහ බෙදාහදා ගැනීමට ඔබගේ කඩදාසි, රිසිට් පත්, සහ ඡායාරූප ඇතුළු කරන්න. Doxie ඕනෑම තැනකදී ස්කෑන් කර, අනතුරුව ඔබගේ සියලු උපාංග මත, ඔබගේ සියලු ස්කෑන් කළ ලේඛ වෙත ප්‍රවේශ වීමට OneNote වෙත සමමුහුර්ත කරයි
EDUonGo
EDUonGo ඕනෑම කෙනෙකුට විනාඩි කිහිපයකින් සබැඳි පුහුණු ආයතනයක් හෝ පාඨමාලාවක් ආරම්භ කිරීමට ඉඩ ලබා දේ. EDUonGo සිසුන්ට පහසුවෙන් තමන්ගේ සටහන් පොත් වෙත පාඩම් නිර්යාත කිරීමට හැක. මෙය සිසුන්ට සටහන් රැගෙන එය අන් අය සමග බෙදා ගැනීමට පහසු කරයි. සිසුන්ට ඔවුන්ගේ OneDrive ගිණුම් සම්බන්ධ කිරීමද කළ හැක. ගුරුවරුන් ලෙස, ඔබට ඔබගේ පාඩම් තුළ Office Mix වෙතින් වීඩියෝ ඇතුළත් කළ හැකිය.
OneNote වෙත ඊමේල් කරන්න
ඒවා ඔබගේ සටහන් පොත වෙත සෘජුවම ඊමේල් කිරීම මගින් ඔබගේ කටයුතු අතරතුර ඔබට වැදගත් වන දේවල් ග්‍රහණය කර ගන්න. me@onenote.com වෙත ලේඛ, සටහන්, සැරුම් විස්තර සහ තවත් බොහෝ දේ යවන්න එවිට අප ඒවා ඔබගේ සියලු උපාංග වෙතින් ඔබට පහසුවෙන් ප්‍රවේශ විය හැකි ඔබගේ OneNote සටහන් පොත තුළට දමමු.
Epson Document Capture Pro
Document Capture Pro පහසුවෙන් ලේඛ ස්කෑන් කිරීමට, පිටු සංස්කරණය කිරීමට, ගොනු සුරැකීමට, සහ Workforce® DS-30, DS-510, DS-560 යනාදී Epson ස්කෑනර සහ වෙනත් දේ සමගින් ස්කෑන් කළ යෙදුම් වෙත දත්ත මාරු කිරීමට ඔබට ඉඩ දේ. තවත් මොනවද, පරිශීලකයන්ට එක් ස්පර්ශයකින් OneNote වෙත ස්කෑන් කිරීමට, බහු උපාංගවලින් පහසුවෙන් ලේඛ වෙත ප්‍රවේශ වීමට හෝ අන්‍යයන් සමග බෙදාහදා ගැනීමට හැක.
eQuil Smartpen2 & Smartmarker
ඕනෑම මතුපිටක් මත ඔබගේ සටහන් ලියා eQuil Smartpen2 හා Smartmarker සමඟ එය ස්මාර්ට් මතුපිටක් කරමින් එය OneNote වෙත යවන්න. එය ඔබගේ දීප්තිමත් සිතුවිලි ග්‍රහණය කර ගැනීමට ඇති ස්වභාවික මාර්ගයයි.
Feedly
ඔවුන් අල්මක් දක්වන කථාන්දර මහ තොරතුරු සමගින් Feedly කියවන්නන් සම්බන්ධ කරයි. අගනා අන්තර්ගතය සොයා ගැනීමට සහ අනුගමනය කිරීමට feedly භාවිතා කර, අනතුරුව එක් ක්ලික් කිරීමකින් හොඳම ලිපි සෘජුවම OneNote වෙත සුරකින්න.
FiftyThree විසින් කඩදාසිය සහ පැන්සල
ඔබගේ අදහස් සමඟ පැන්සලෙන් කඩදාසියට ගොස් OneNote සමග එය තවත් පියවරක් ඉදිරියට ගන්න. වැඩි දියුණු කළ සුනම්‍යතාවය සහ පහසු පැන්සල සමඟ ලියන්න සහ අඳින්න, සහ ඔබෙන් අත්වැරැද්දක් සිදු වූයේ නම් කූර උඩට ගෙන -OneNote තුළ සියල්ල සෘජුවම ස්වභාවික ආකාරයෙන් මකා දමන්න. හවුල් සටහන් පොතක එකට වැඩ කරනවා වැනි, පහසුවෙන් සටහන් කර ගන්න, පිරික්සුම් ලැයිස්තු තනන්න හා කඩදාසියක කටු සටහනක් ඇඳ, තවත් දේවල් කිරීමට OneNote වෙත බෙදාගන්න, ශ්‍රව්‍ය පටිගත කිරීම් එක් කරන්න සහ ඕනෑම උපාංගයකින් සැබැවින්ම වාගේ ඔබගේ අන්තර්ගතයට ප්‍රවේශ වන්න.
Genius Scan
Genius Scan යනු ඔබගේ සාක්කුවේ ඇති ස්කෑනරයකි. එය ඔබට පත්‍ර ලේඛන අංකිත කිරීමට, PDF ගොනු තැනීමට සහ ඒවා වහාම OneNote තුළ ගබඩා කිරීමට ඉඩ දෙයි.
JotNot Scanner
JotNot ඔබේ iPhone අතේ ගෙන යා හැකි බහු පිටු ස්කෑනරයකට පරිවර්තනය කරයි. ඔබට JotNot ලේඛ, ලදුපත්, සුදු පුවරු, ව්‍යාපාරික කාඩ්පත් සහ සටහන් ඉලෙක්ට්‍රොනික ආකෘතියකට ස්කෑන් කිරීමට භාවිතා කළ හැක. JotNot දැන් Microsoft හි OneNote වේදිකාව සමගින් සෘජු ඒකාබද්ධය පිරිනමන අතර එනිසා ඔබට ඔබේ OneNote ගිණුම භාවිතා කිරීමෙන් ඔබේ ස්කෑන් කිරීම් ඉක්මනින් සහ පහසුවෙන් උපස්ථ කිරීමට සහ සංවිධානය කිරීමට හැක.
Livescribe 3 Smartpen
Livescribe 3 smartpen සහ Livescribe+ යෙදුම සමගින්, සරලව කඩදාසි මත ලියා සියලු දේ ක්ෂණිකව, ඔබට ටැග් කළ හැකි, සෙවිය හැකි සහ ඔබගේ සටහන් පෙළ බවට පත් කළ හැකි ඔබගේ ජංගම උපාංගය මත දිස්වනු නරඹන්න. ඔබට සෑම දෙයක්ම OneNote වෙත යැවිය හැකි බැවින් ඔබගේ අතින් ලියන ලද සටහන් සහ කටු සටහන් ඔබගේ ඉතිරි වැදගත් තොරතුරු සමග ඒකාබද්ධ කරන්න.
Mod Notebooks
Mod යනු cloud මඟින් ප්‍රවේශ විය හැකි කඩදාසි සටහන් පොතකි. ඔබට හුරුපුරුදු පෑනකින් සහ පැන්සලකින් සටහන් ගෙන, පසුව ඔබේ පිටු ගාස්තු රහිතව අංකිත බවට පත් කරන්න. සම්පූර්ණ කළ සටහන් පොතක සෑම පිටුවක්ම OneNote වෙත සමමුහුර්ත කර සදාකාලයටම සුරැකිය හැකිය.
NeatConnect
NeatConnect කඩදාසි ගොඩවල් අංකිත ලේඛවලට පරිණාමනය කරන අතර පරිගණකයක් රහිතව - ඒවා කෙලින්ම OneNote වෙත යවයි. ඔබගේ නිවසේ ඕනෑම කාමරයක, හෝ කාර්යාලයේ ඕනෑම තැනක සිට, NeatConnect හි Wi-Fi ගැළපුම සහ ස්පර්ශ තිර අතුරුමුහුණත OneNote වෙත වේගයෙන් සහ පහසුවෙන් ස්කෑන් කිරීම කරන අතර එවිට ඔබට සංවිධානය සහ ඵලදායීතාවය සම්පූර්ණ නව තලයකට ගෙන යමින්, කාලය ඉතිරි කර ගැනීමට හැක.
News360
News360 යනු ඔබ කැමති කුමක්ද යන්න හදාරන සහ ඔබ එය භාවිතා කරන තරමට වඩාත් ශූර බවක් ගන්නා ගාස්තු රහිත පුද්ගලාරෝපණය කළ ප්‍රවෘත්ති යෙදුමකි. 100,000+ වඩා වැඩි මූලාශ්‍ර සහිතව, සැමවිට කියවීමට සිත්ගත් යම් දෙයක් ඇති අතර ඔබට බොත්තමක් තට්ටු කිරීමකින් ඔබගේ ප්‍රියතම කථාන්දර සෘජුවම OneNote වෙත සුරැකිය හැක.
Nextgen Reader
Windows Phone සඳහා වේගවත්, පිරිසිදු සහ අලංකාර RSS කියවනය. දැන් ඔබට ලිපිය සෘජුවම OneNote වෙත සුරැකීමට ඉඩ දෙයි. ප්‍රීතිමත් කියවීමක්!
Office Lens
Office Lens ඔබේ සාක්කුවේ ස්කෑනරයක් තිබෙනවා වැනිය. සුදු පුවරුව හෝ කලු පුවරුව මත ඇති සටහන් කිසිදා මග නොහරින්න, තවද අස්ථානගතවූ ලේඛ හෝ ව්‍යාපාරික කාඩ්පත්, අස්ථානගත වන රිසිට්පත්, හෝ නැති වූ අලවන සටහන් සඳහා නැවත කිසිදා නොසොයන්න! Office Lens ඔබේ පින්තූරු අපූරු ලෙස කියවිය හැකි සහ නැවත භාවිතා කළ හැකි කරයි. ස්වයංක්‍රීයව පෑහීම සහ පිරිසිදු කිරීම සමගින් අන්තර්ගතය OneNote වෙතටම ග්‍රහණය කරන්න.
OneNote For AutoCAD
OneNote for AutoCAD ඔබට AutoCAD තුළින් වන ඇඳීම සමගින් සටහන් ගැනීමට ඉඩ දෙනු ඇත. මෙය 2D සහ 3D ඇඳීම් තැනීමට AutoCAD භාවිත කරන ලොව පුරා සිටින වාස්තු විද්‍යා සහ ඉංජිනේරු වෘත්තිකයන්ගේ ඵලදායීතාව ඉහළ නංවයි. මෙම සටහන් වලාකුළට උපස්ථ කරන අතර ඕනෑම අවස්ථාවක ඒවාට පිවිසීමට හැකිය. පරිශීලකයන්ට මෙම සටහන් ඔවුන් ඊළඟ අවස්ථාවේ AutoCAD තුළ ඇඳීම විවෘත කරන විට දැකිය හැකිය.
OneNote Class Notebooks
සෑම සිසුවෙකු සඳහාම වැඩ ඉඩක්, අත්පත්‍රිකා සඳහා අන්තර්ගත පුස්තකාලයක්, සහ පාඩම් සහ නිර්මාණාත්මක ක්‍රියාකාරකම් සඳහා සහයෝගීතා ඉඩක් සමගින් ඔබගේම අංකිත සටහන් පොතක ඔබේ පාඩම් සටහන් සහ පාඨමාලා අන්තර්ගතය සංවිධානය කරන්න.
OneNote Web Clipper
OneNote වෙබ් අමුණනය ඔබට ඔබගේ වෙබ් බ්‍රවුසරය වෙතින් වෙබ් පිටු සුරැකීමට ඉඩ දෙයි. එක් ක්ලික් කිරීමකින්, එය දේවල් ඉක්මණින් ග්‍රහණය කර ඔබගේ ජීවිතයේ බොහෝ දේ මතක තබා ගැනීමට උදවු කරයි.
Powerbot for Gmail
Gmail අතුරුමුහුණත භාවිතයෙන් වැදගත් ඊමේල්, සාකච්ඡා හා ඇමුණුම් ඍජුවම OneNote වෙත සුරකින්න. තවදුරටත් යෙදුම් අතර එහාට මෙහාට මාරු වීමට අවශ්‍ය නොවේ.
WordPress
ඕනෑම උපාංගයක්, හරස්-කරළියක් මත, OneNote තුළ සබැඳිව හෝ නොබැඳිව ඔබේ WordPress පළ කිරීම් සාදන්න, සහ ඔබගේ පවතින සියලු සටහන් වලින් අන්තර්ගතය නැවත භාවිතා කරන්න.
Zapier
ඔබ දැනටමත් භාවිතා කරන Salesforce, Trello, Basecamp, Wufoo සහ Twitter යනාදී යෙදුම් සමග OneNote සම්බන්ධ කිරීමේ පහසුම මාර්ගය Zapier වේ. සටහන් උපස්ථ කිරීමට, සම්පූර්ණ කළ කාර්යයන්වල වාර්තාවක් තබා ගැනීමට හෝ නව සබඳතා, ඡායාරූප, වෙබ් පිටු සහ තවත් දේ සුරැකීමට මෙම යෙදුම භාවිතා කරන්න.